Bachelor of Commerce Special (External) Degree
වාණිජ විද්‍යාවේදී විශේෂ (බාහිර) උපාධි පාඨමාලාව
![]() |
||||||||
පණ්ඩිතාචාර්ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන් විසින් 1875 නොවැම්බර් මස පළමුවන දින ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවණින් 1959 සැප්තැම්බර් මස 17 වන දින විද්‍යාලංකාර විශ්විද්‍යාලය නමින් සරසවියක් බිහි වන්නේ දේශීය අධ්‍යාපනය නගා සිටුවීමේ ප්රශස්ත සංකල්පත් නූතන ලෝකයට අවශ්‍ය ශාස්ත්‍ර ගවේෂණයෙහි යෙදෙන ප්‍රාමාණික විද්වතුන් බිහි කිරීමේ උදාර අභිලාසත් පෙරදැරි කරගෙනය. යථෝක්ත විද්‍යාලංකාර තත් පිරුවෙන්හි පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්රඥාසාර නාහිමියන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතීන් වහන්සේ ලෙස පත් වූහ. කැලණිය විශ්වවිද්‍යාලය මඟින් දශක හයකට අධික පරිච්ඡේදයක් තුළ ශබ්ද ශාස්ත්රාදියෙහි ප්රගමනය උදෙසා කළ විශිෂ්ට මෙහවර නිසාම එය දෙස් විදෙස් වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති සරසවිය බව සඳහන් කළ යුතුය. සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ධර්මාරාම මාහිමි, පණ්ඩිත ශිරෝමණී ලූණුපොකුනේ ධම්මානන්ද මාහිමි, පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ප්රඥාසාර නාහිමි, පණ්ඩිතාචාර්ය නාත්තණ්ඩියේ පඤ්ඤාකර නාහිමි, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි යන පරිවේණාධිපතීන් වහන්සේලා මෙම ශාස්ත්‍ර නිකේතනයේ අභිවෘද්ධිය පිණිස මහඟු මෙහවරක් ඉටු කළ යතීන්ද්‍රයන් වහන්සේලා අතර ප්‍රධාන වෙති. පණ්ඩිතාචාර්ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන් විසින් 1875 නොවැම්බර් මස පළමුවන දින ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවණින් 1959 සැප්තැම්බර් මස 17 වන දින විද්‍යාලංකාර විශ්විද්‍යාලය නමින් සරසවියක් බිහි වන්නේ දේශීය අධ්‍යාපනය නගා සිටුවීමේ ප්රශස්ත සංකල්පත් නූතන ලෝකයට අවශ්‍ය ශාස්ත්‍ර ගවේෂණයෙහි යෙදෙන ප්‍රාමාණික විද්වතුන් බිහි කිරීමේ උදාර අභිලාසත් පෙරදැරි කරගෙනය. යථෝක්ත විද්‍යාලංකාර තත් පිරුවෙන්හි පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්රඥාසාර නාහිමියන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතීන් වහන්සේ ලෙස පත් වූහ. කැලණිය විශ්වවිද්‍යාලය මඟින් දශක හයකට අධික පරිච්ඡේදයක් තුළ ශබ්ද ශාස්ත්රාදියෙහි ප්රගමනය උදෙසා කළ විශිෂ්ට මෙහවර නිසාම එය දෙස් විදෙස් වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති සරසවිය බව සඳහන් කළ යුතුය. සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ධර්මාරාම මාහිමි, පණ්ඩිත ශිරෝමණී ලූණුපොකුනේ ධම්මානන්ද මාහිමි, පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ප්රඥාසාර නාහිමි, පණ්ඩිතාචාර්ය නාත්තණ්ඩියේ පඤ්ඤාකර නාහිමි, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි යන පරිවේණාධිපතීන් වහන්සේලා මෙම ශාස්ත්‍ර නිකේතනයේ අභිවෘද්ධිය පිණිස මහඟු මෙහවරක් ඉටු කළ යතීන්ද්‍රයන් වහන්සේලා අතර ප්‍රධාන වෙති.1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලූම විශ්විද්‍යාල එකම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබුණු අවස්ථාවේදී 1972 පෙබරවාරි 15 වන දින සිට මෙම විශ්වවිද්‍යාලය "ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය" බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතින් 1978 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ව්‍යුහය වරක් සංශෝධනය කරනු ලැබුණු අවස්ථාවේදී යථෝක්ත මණ්ඩපය "කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව" ලෙසින් නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබිණ. 1958 පනත අනුව ආරම්භයේදී ගිහි පැවිදි ශිෂ්‍යයන් පමණක් ඇතුළත් කරගනු ලැබුණු මෙම ආයතනයට, 1966 අංක 20 දරන , ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කරනු ලැබීමත් සමඟම ශිෂ්‍යාවන් ද ඇතුළත් කරගත හැකි විය. ආරම්භයේදී පෑලියගොඩ පිරිවෙන් භූමියෙහිම පිහිටවනු ලැබුණු මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මද වීම නිසා නොබෝ කලකින් වෙනත් භූමි භාගයකට ගෙන යාමේ අවශ්‍යතාව පෙනෙන්නට විය. ඒ අනුව දැනට විශ්වවිද්‍යාලය පිහිටුවා තිඛෙන මෙම භූමි භාගයට 1975 වන විට විශ්වවිද්‍යාලයේ සියලූම අංශ ගෙන එනු ලැබිණ. මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුණු 1959 දී එය ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර භූගෝල විද්‍යාව, බෞද්ධ අධ්‍යයන හා දර්ශනය, ආර්ථීක විද්‍යාව, ගණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කීපයකට පමණක් සීමා වුව ද අද එය මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා, විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක තාක්ෂණය සහ පශ්චාත් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පීඨ හතකින් සහ අධ්‍යයන අංශ 44 කින් සමන්විත වූ, ඊට අධික විෂය සම්භාරයක් පිළිබඳ උපාධි අධ්‍යයන, පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ කාර්යයෙහි නිරත කීර්තිමත් විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇත. |
![]() |
||||||||
ප්‍රිය සිසු දරුවනි, ලොව ජනිත වන මානවයින්ගේ සමාජ සංපර්කය හේතුකොටගෙන රැස්කරගන්නා දැනුම් සම්භාරය එකී දේශයෙහි සෑම අංශයකම ප්රගමනයට හේතු වන බව පැහැදිලි කරුණකි. එකී දැනුම් සම්භාරය මානව සමාජයේ අභිවෘද්ධිය පිණිස මනා කළමනාකරණයකින් භාවිත කිරීමට ඔවුන් සතුව පවතින ප්‍රඥාව මැනවින් ඉවහල් වේ. එසේම එකී දැනුමත් ප්‍රඥාවත් හේතුකොටගෙන ගන්නා තීරණ ලෝකයේ යහපැවැත්මට හේතුවන්නේ මානව ධර්මතා නම් උත්තරීතර ගුණය මුල්කොටගෙන බව ලෝක ඉතිහාසය මධ්‍යස්ථව නිරීක්ෂණය කිරීමෙන් මනාව අවබෝධ වේ. දැනුම අවශ්‍ය වන්නේ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමටය. පරිපූර්ණ විද්‍යාර්ථීයෙකු බිහි කිරීමට දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. දෛනිකව මිනිසා මුහුණදෙන ගැටලූ රාශියක් ද ඇත. එම ගැටලූවලට ඇත්තේ පිළිතුරු නොවේ. ගැටලූවලට ඇත්තේ විසදුම්ය. එය දැනුමෙන් පමණක් විසදාගත නොහැකිය. එහිදී මහෝපකාරී වන්නේ ප්රඥාවයි. එම නිසා දැනුමත් ප්‍රඥාවත් දෙකින්ම සරසවි විද්‍යාර්ථීයා පෝෂණය විය යුතුය. මුලින් සඳහන් කළ පරිදිම දැනුම හා ප්‍රඥාව මානව ධර්මයන් සමඟ සංකලනය වීමෙන් අර්ථ සම්පන්න විද්‍යාර්ථියෙකු බිහිකර ගත හැකිය. එම නිසා දැනුම කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ ප්‍රාමාණික විද්‍යාර්ථියෙකු බිහි කිරීම අපගේ එකම බලාපොරොත්තුව බව විශේෂයෙන්ම සඳහන් කරමි. ඔබ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබන කැලණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉතිහාසයක් තිබෙන විශිෂ්ට අධ්‍යාපන ආයතනයකි. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් 1959 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් ආරම්භව පසුව විද්‍යාලංකාර මණ්ඩපය නමින් ද වර්තමානයෙහි කැලණිය විශ්වවිද්‍යාලය නමින් ද හඳුන්වන ලබන මෙම සරසවියෙහි ආරම්භය විද්‍යාලංකාර පිරිවෙනේ ආරම්භය දක්වා ඈතට දිව යයි. 1875 නොවැම්බර් 01 වන දින රත්මලානේ ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන 19 වන සියවසෙහි දෙවන අර්ධයෙහි පහළ වූ පෙරදිග අධ්‍යාපනයේ විශිෂ්ට තක්ෂිලාවක් ලෙස පෙර අපර දෙදිග වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ විද්‍යාස්ථානයක් බව සඳහන් කරන්නේ සාඩම්බර හැඟීමෙනි. 1993 වර්ෂයේ කලා සහ වාණිජ පාඨමාලාවලින් පමණක් ආරම්භ වූ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා, 1999 වසර වන විට විද්‍යාවේදී සහ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධි පාඨමාලා සහිතව පවත්වාගෙන යාමට හැකි වූයේ සීඝ්‍ර ප්‍රගතියක් ප්‍රදර්ශනය කරමිනි. වර්තමානය වන විට දහස් ගණනක සිසුන්ගේ ප්‍රාර්ථනා ඉටු කෙරෙන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙම ආයතනය පත්ව තිබෙන බව පවසනුයේ හද පිරි සතුටිනි. බාහිර උපාධි අපේක්ෂකයෙකු වශයෙන් ආයතනයට බැඳුණ දා සිට උපාධිධාරියෙකු වශයෙන් සමාජයට අනුයුක්ත කරනු ලබන දින දක්වා අවශ්‍ය සියලූ කටයුතු නිරවුල්ව සහ සාර්ථකව මෙම ආයතනයෙන් සිදුකරගැනීමේ හැකියාව ලැබීම ඔබ ලද භාග්‍යයකි. විශේෂයෙන්ම සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව රැකියා වෙළඳපොළ අරමුණු කරගත් පාඨමාලා මඟින් උගත්, බුද්ධිමත් පරපුරක් සමාජයට මුදා හැරලීමේ හැකියාව අපට හිමි වූයේ, නව විෂයමාලා හඳුන්වා දෙමින් ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය වැනි උපාධි පාඨමාලාවන්ට අන්තර්ගත කරලීමට හැකි වූ නිසා ය. එහි උපරිම ඵල නෙලා ගැනීමේ යුතුකම මෙන්ම වගකීම ද ඔබ සතු වන බව මේ අවස්ථාවේදී සිහිපත් කරමි. කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයෙහි ඔබ ලියාපදිංචි වන්නේ යම් දිනකදී ද එදින සිට ඔබ උපාධිලාභියෙකු වන දින දක්වා සියලූ කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම ඔබ ලද ජයග්‍රහණයකි. ඒ මඟින් ඔබ ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන් පමණක් නොව, නවීන ලෝකය සමඟ නව දැනුමෙන් කටයුතු කළ හැකි අයෙකු බවට ද නිරායාසයෙන්ම පත් වෙයි. අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නොහැකිව ඉච්ඡාභංගත්වයට පත් වූ සිසුන් එකී මානසික තත්ත්වයෙන් දුරස් කරලීමට කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය සමත් වූ බව දීර්ඝ කාලයක් පුරාවට අප විසින් බිහි කරනු ලැබූ උපාධිධාරීන් ප්‍රබල සාධකයකි. බාහිර උපාධි පාඨමාලා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉදිරිපත් වන මෙවන් යුගයක, එකී අදහස් නිස්සාර වූවක් බවට පත් කරලීමේ හැකියාව ලැබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය විසින් නවීන තාක්ෂණය භාවිත කරමින් විද්‍යාර්ථීන් හට ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය වන පහසුකම් සැලසීම හේතු කොටගෙනය. මෙම සියලූ ක්‍රමවේදයන් වල නිසි ප්‍රයෝජන ලබා ගැනීමේ වගකීම ඔබ සතු වන බව ද අමතක නොකළ යුතුය. කැලණිය විශ්වවිද්‍යාලය සතුව පවතින්නා වූ කීර්තිමත් නාමය එලෙසින්ම ආරක්ෂා කරමින් ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කරගෙන රටෙහි ජාතියෙහි ශබ්දශාස්ත්රාදියෙහි ප්රගමනය උදෙසා නිරන්තරයෙන්ම ඔබ කැපවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා උපකුලපතිතුමිය කැලණිය විශ්වවිද්‍යාලය 2022.04.18 |
![]() |
||||||||
ප්‍රිය විද්‍යාර්ථීනි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍ර ලේඛන අංක 932/2010, 20/2017 හා 01/2021 අනුව සකස් කරන ලද ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය/විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය/ ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය/වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධිය යන විෂය නිර්දේශයන්ට අනුව, වි.වි.ප්‍ර. කොමිෂන් සභාව විසින් 2017 වසරේදී අත්හිටුවන ලද, ශිෂ්‍ය ලියාපදිංචිය සිදු කරන ලෙසට දැනුම් දී ඇත. ඒ ක්‍රම වේදයට අනුව 2020/2021 අධ්‍යයන වර්ෂයට කැලණිය විශ්වවිද්‍යාලයේ දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ උපාධි බාහිර පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කරන මේ මොහොතේ ඉතා වැදගත් කාරණා කිහිපයක් ඔබට මතක් කර දීම අත්‍යවශ්‍ය වේ. වසරින් වසර ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන බාහිර උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා වි.වි.ප්‍ර. කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවලට අභ්‍යන්තරව බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් බඳවා ගැනීමටත් විෂයයන් කිහිපයක් සඳහා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ලියාපදිංචි වීම වළක්වා ලීම සඳහා එක් විෂයකට 25% ක් පමණක් උසස් පෙළ ඉසෙඩ් අගය (z.score) මත බඳවා ගන්නා ලෙසත් ඉහත චක්‍ර ලේඛන හා අංක මගින් දන්වා ඇත. ඒ අනුව සකස් කරන ලද නිර්ණායකයන්ට අනුව ශිෂ්‍ය ලියාපදිංචිය සිදු කරන බව ඔබ විසින් අවබෝධ කරගත යුතු ප්‍රධානතම කාරණයකි. දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ වෙබ් පිටුව ඔබට පහසුවෙන් පරිහරණය කළ හැකි පරිදි අලූතින් නිර්මාණය කොට ඇති අතර එයට පිවිසීමෙන් ශිෂ්‍ය අත්පොත/ ප්‍රවේශ නිර්ණායක/ විභාග නිර්ණායක/ අතිරේක නීතිරීති වැඩි විස්තර සහිතව බලාගත හැක. එසේම වෙබ් පිටුවේ ඇති LMS පිටු/ Zoom දේශන/ Zoom සම්මන්ත්රණ දේශන හා ඉලෙක්ට්‍රොනික් පුස්තකාලය සඳහා ලියා පදිංචියෙන් පසු ඔබට ප්‍රවේශ විය හැක. දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය සෘජුවම සිසුන් සමග සම්බන්ධතා පවත්වන ආයතනය වුවත් සියලූ විෂය නිර්දේශ, ප්‍රවේශ හා විභාග නිර්ණායක ඇතුලූ වෙනත් නීතිරීති, ප්‍රතිපත්ති සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, උත්තර පත්‍ර බැලීම හා ලකුණු ලේඛන ඇගයීම, විවිධ කාර්යයන් සඳහා ආචාර්යවරුන් පත් කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ විවිධ මණ්ඩල හා සභා වලින් සිදු වේ. එවා නම් දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යයන මණ්ඩලය, පීඨ සභා, ප්‍රවේශ කමිටුව, අභියාචනා කමිටුව, විභාග අක්‍රමිකතා කමිටුව, නිළ චාරිත්‍ර කමිටුව, විභාග අංශය, ශාස්ත්‍රීය අංශය, දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ කළමනාකරණ කමිටුව, සනාතන සභාව හා පාලක සභාවයි. ඒ අනුව දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය ස්වාධීන අධ්‍යාපන ආයතනයක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනයට යටත් වූ ආයතනයක් ලෙසත් අභ්‍යන්තර උපාධිධාරියෙකු බිහි කරන ආකාරයේම මැදිහත් වීමක් බාහිර උපාධිධාරීන් බිහිකරලීම සඳහා විශ්වවිද්‍යාලය මගින් සිදුකරන බවත් ඔබ විසින් තේරුම් ගතයුතු අත්‍යවශ්‍යම කාරණයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ දූරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වී උපාධිය අවසන් කර ගැනීමට නොහැකි වූ අතිවිශාල ශිෂ්‍ය පිරිසක් දැනට සිටින බව ඔබ දන්නා අතර ඔහුනගේ ප්‍රශ්න සාධාරණ ලෙස විසදීමට දැනටමත් විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇත. පැවැත්වීමට නොහැකි වූ විභාග දිගටම පැවැත්වීම 2021 දෙසැම්බර් මස සිට ආරම්භ කොට ඇත. පැවැත්වූ සියලූ විභාගවල ප්‍රතිඵල නිකුත් කොට ඇත. තවද නියමිත කාලය ඉක්ම වූ හෝ අවසාන වසර විභාගවලට පෙනී සිට උපාධිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ විද්‍යාර්ථීන්ට අධ්‍යයන සම්භාර 30ක් සම්පූර්ණ කොට ඇත්නම් මානවශාස්ත්ර ඩිප්ලෝමාව / සමාජීයවිද්‍යා ඩිප්ලෝමාව / වාණිජ විද්‍යාවේදී ඩිප්ලෝමාව / ව්‍යාපාර කළමනාකරණවේදී ඩිප්ලෝමාව හෝ සම්භාර 60ක් සම්පූර්ණ කොට ඇත්නම් මානවශාස්ත්ර උසස් ඩිප්ලෝමාව / සමාජීයවිද්‍යා උසස් ඩිප්ලෝමාව / වාණිජ විද්‍යාවේදී උසස් ඩිප්ලෝමාව / ව්‍යාපාර කළමනාකරණවේදී උසස් ඩිප්ලෝමාව විද්‍යාර්ථීන්ගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී ලබා දීමට කටයුතු සැලසුම් කොට ඇත. දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයෙන් මෙතෙක් සිදු වූ අතපසු වීම් සියල්ල මග හරවා ගෙන නව ප්‍රවේශී ඔබගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට කටයුතු කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය, පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් හා ආචාර්ය මණ්ඩලය ඇතුලූ අප සැමගේ ඒකායන බලාපොරාත්තුවයි.
පූජ්‍ය ආචාර්ය ඩී. ධම්මදස්සි හිමි අධ්යක්ෂ - (cdce) දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය කැලණිය විශ්වවිද්‍යාලය 2022.04.18 |
Programme Duration: 4 Years
Application Fee: LKR 1,000.00
Course Fee: LKR 162,500.00
Year 1 |
1st Installment |
LKR 44,000.00 |
Must be paid at the Registration |
2nd Installment |
LKR 28,000.00 |
Must be paid before the Year 1 Final Exam |
|
Year 2 |
3rd Installment |
LKR 30,000.00 |
Must be paid before the Year 2 Final Exam |
Year 3 |
4th Installment |
LKR 30,000.00 |
Must be paid before the Year 3 Final Exam |
Year 4 |
5th Installment |
LKR 30,500.00 |
Must be paid before the Year 4 Final Exam |