Bachelor of Commerce Special (External) Degree
වාණිජ විද්‍යාවේදී විශේෂ (බාහිර) උපාධි පාඨමාලාව
පණ්ඩිතාචාර්ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන් විසින් 1875 නොවැම්බර් මස පළමුවන දින ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවණින් 1959 සැප්තැම්බර් මස 17 වන දින විද්‍යාලංකාර විශ්විද්‍යාලය නමින් සරසවියක් බිහි වන්නේ දේශීය අධ්‍යාපනය නගා සිටුවීමේ ප්‍රශස්ත සංකල්පත් නූතන ලෝකයට අවශ්‍ය ශාස්ත්‍ර ගවේෂණයෙහි යෙදෙන ප්‍රාමාණික විද්වතුන් බිහි කිරීමේ උදාර අභිලාසත් පෙරදැරි කරගෙනය. යථෝක්ත විද්‍යාලංකාර තත් පිරුවෙන්හි පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතීන් වහන්සේ ලෙස පත් වූහ. කැලණිය විශ්වවිද්‍යාලය මඟින් දශක හයකට අධික පරිච්ඡේදයක් තුළ ශබ්ද ශාස්ත්‍රාදියෙහි ප්‍රගමනය උදෙසා කළ විශිෂ්ට මෙහවර නිසාම එය දෙස් විදෙස් වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති සරසවිය බව සඳහන් කළ යුතුය. සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ධර්මාරාම මාහිමි, පණ්ඩිත ශිරෝමණී ලූණුපොකුනේ ධම්මානන්ද මාහිමි, පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, පණ්ඩිතාචාර්ය නාත්තණ්ඩියේ පඤ්ඤාකර නාහිමි, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි යන පරිවේණාධිපතීන් වහන්සේලා මෙම ශාස්ත්‍ර නිකේතනයේ අභිවෘද්ධිය පිණිස මහඟු මෙහවරක් ඉටු කළ යතීන්ද්‍රයන් වහන්සේලා අතර ප්‍රධාන වෙති. පණ්ඩිතාචාර්ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන් විසින් 1875 නොවැම්බර් මස පළමුවන දින ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවණින් 1959 සැප්තැම්බර් මස 17 වන දින විද්‍යාලංකාර විශ්විද්‍යාලය නමින් සරසවියක් බිහි වන්නේ දේශීය අධ්‍යාපනය නගා සිටුවීමේ ප්‍රශස්ත සංකල්පත් නූතන ලෝකයට අවශ්‍ය ශාස්ත්‍ර ගවේෂණයෙහි යෙදෙන ප්‍රාමාණික විද්වතුන් බිහි කිරීමේ උදාර අභිලාසත් පෙරදැරි කරගෙනය. යථෝක්ත විද්‍යාලංකාර තත් පිරුවෙන්හි පරිවේණාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමියන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතීන් වහන්සේ ලෙස පත් වූහ. කැලණිය විශ්වවිද්‍යාලය මඟින් දශක හයකට අධික පරිච්ඡේදයක් තුළ ශබ්ද ශාස්ත්‍රාදියෙහි ප්‍රගමනය උදෙසා කළ විශිෂ්ට මෙහවර නිසාම එය දෙස් විදෙස් වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති සරසවිය බව සඳහන් කළ යුතුය. සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ධර්මාරාම මාහිමි, පණ්ඩිත ශිරෝමණී ලූණුපොකුනේ ධම්මානන්ද මාහිමි, පණ්ඩිතාචාර්ය කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නාහිමි, පණ්ඩිතාචාර්ය නාත්තණ්ඩියේ පඤ්ඤාකර නාහිමි, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි යන පරිවේණාධිපතීන් වහන්සේලා මෙම ශාස්ත්‍ර නිකේතනයේ අභිවෘද්ධිය පිණිස මහඟු මෙහවරක් ඉටු කළ යතීන්ද්‍රයන් වහන්සේලා අතර ප්‍රධාන වෙති.1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලූම විශ්විද්‍යාල එකම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබුණු අවස්ථාවේදී 1972 පෙබරවාරි 15 වන දින සිට මෙම විශ්වවිද්‍යාලය "ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය" බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතින් 1978 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ව්‍යුහය වරක් සංශෝධනය කරනු ලැබුණු අවස්ථාවේදී යථෝක්ත මණ්ඩපය "කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව" ලෙසින් නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබිණ. 1958 පනත අනුව ආරම්භයේදී ගිහි පැවිදි ශිෂ්‍යයන් පමණක් ඇතුළත් කරගනු ලැබුණු මෙම ආයතනයට, 1966 අංක 20 දරන , ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක කරනු ලැබීමත් සමඟම ශිෂ්‍යාවන් ද ඇතුළත් කරගත හැකි විය. ආරම්භයේදී පෑලියගොඩ පිරිවෙන් භූමියෙහිම පිහිටවනු ලැබුණු මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මද වීම නිසා නොබෝ කලකින් වෙනත් භූමි භාගයකට ගෙන යාමේ අවශ්‍යතාව පෙනෙන්නට විය. ඒ අනුව දැනට විශ්වවිද්‍යාලය පිහිටුවා තිඛෙන මෙම භූමි භාගයට 1975 වන විට විශ්වවිද්‍යාලයේ සියලූම අංශ ගෙන එනු ලැබිණ. මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුණු 1959 දී එය ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර භූගෝල විද්‍යාව, බෞද්ධ අධ්‍යයන හා දර්ශනය, ආර්ථීක විද්‍යාව, ගණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කීපයකට පමණක් සීමා වුව ද අද එය මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා, විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක තාක්ෂණය සහ පශ්චාත් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පීඨ හතකින් සහ අධ්‍යයන අංශ 44 කින් සමන්විත වූ, ඊට අධික විෂය සම්භාරයක් පිළිබඳ උපාධි අධ්‍යයන, පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණ කාර්යයෙහි නිරත කීර්තිමත් විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇත. |
||||||||
කැලණිය විශ්වවිද්‍යාලයීය ගීතය
සිය දෙස කිතු ගොස උරුමය සුරකින සියත් සුවඳ විදු කිරණ ඛෙදා දෙන සරා සඳකි විදුලකර උදාගිර කැලණිය සරසවි මාතා..........//
සතර සයුර වී - දැයට නුවණ දෙන සත් සිළුමිණ වී - ඉසුරු සදාලන දැයේ ජීව උල්පත වන් නොසිඳෙන කැලණිය සරසවි මාතා..........//
සුනිසිත සුවියත් පිවිතුරු නැණ ගුණ යුගයෙන් යුගයට දැයට තිළිණ කර තරු පිරිවර සහ මුළු ලොව සරසන කැලණිය සරසවි මාතා....... විදු අඹරේ බැබලේවා.......
සිය දෙස කිතු ගොස..........//
පද රචනය : මහාචාර්ය දර්ශන රත්නායක සංගීතය සහ තනු නිර්මාණය : කලාකීර්ති රෝහණ වීරසිංහ |