අස්ථානගත වූ / ශිෂ්‍ය හැදුනුම්පත නැවත ලබා ගැනීම.

ඔබ විසින් අනුගමනය කළ යුතු පියවර ඔබ විසින් අනුගමනය කළ යුතු පියවර 

1. ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. 

2. එම පැමිණිල්ලේ පිටපතක් ලබා ගන්න. 

3. අදාළ පැමිණිලි පිටපත, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත සමඟ ලිඛිත ඉල්ලීමක් කේන්ද්‍රයට භාර දෙන්න. 

  1. අතින් ගෙනවිත් භාර දීම. 
  2. ලියාපදිංචි තැපැල් මඟින් යොමු කිරීම.

යොමු කළ යුතු ලිපිනය - 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,

නො. 56/6,

කෝන්ගහවත්ත පාර,

නුවර පාර,

කිරිබත්ගොඩ.

4. අදාළ ගෙවීම් වවුචරය පහතින් බාගත (Download) කරන්න

  1. අස්ථානගත වූ ශිෂ්‍ය හැඳුනුම්පතක් වෙනුවට නව හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා රු.500.00
  2. ලිපිනය වෙනස් කිරීම සඳහා රු.200.00

ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධි (බාහිර) පාඨමාලාව

විද්‍යාවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව තෙවන වසර

5.  ඕනෑම මහජන බැංකුවකට අදාළ ගෙවීම් කර එහි පාරිභෝගික පිටපත (Customer Copy) ඉදිරිපත් කරන්න.

ඉල්ලීම් ලිපියේ ආකෘතියක් මෙතනින් බාගත (Download) කරන්න.

ශිෂ්‍ය ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම. (අධ්‍යයන වර්ෂ 07කට පසු අනිවාර්යයෙන්ම වාර්ෂිකව අභියාචනා ඉදිරිපත් කළ යුතුය.)
  1. උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලැබෙන කාලය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලැබෙන කාලය අඛණ්ඩ අධ්‍යයන වර්ෂ 5ක් ඇතුළත උපාධිය සම්පූර්ණ කළ යුතු අතර පන්ති සාමාර්ථ ලබා ගැනීමේ දී එය අඛණ්ඩ අධ්‍යයන වර්ෂ 3 ක් විය යුතුය. එසේ වුව ද අධ්‍යයන වර්ෂ 10 ක උපරිමයකට යටත්ව අසමත් පාඨමාලා ඒකක සම්පූර්ණ කර ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇත.
  2. අදාළ අධ්‍යයන වර්ෂ 07 අවසන් වීමට පෙර මාස තුනකට (03) පෙර ලිඛිත අභියාචනාවක් ලියාපදිංචි තැපැල් මඟින් යොමු කළ යුතුය.

යොමු කළ යුතු ලිපිනය - 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකරි,

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය, 

නො. 56/6,

කෝන්ගහවත්ත පාර,

නුවර පාර,

කිරිබත්ගොඩ.

 

යොමු කළ යුතු විද්‍යුත් ලිපිනය - appealcdce@kln.ac.lk  

 අඩංගු විය යුතු කරුණු 

  • සම්පූර්ණ නම
  • ශිෂ්‍ය අංකය 
  • දීර්ඝ කර ගැනීමට හේතුව/ හේතු (ලිඛිත සාක්‍ෂි ඇත්නම් පමණක් ඒවායේ සහතික කළ පිටපත් අමුණා එවිය යුතුය.)
  • ඍජුව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයන් සහ කි‍්‍රයාකාරී විද්‍යුත් තැපැල් ලිපිනයක් 

ඉල්ලීම් ලිපියේ ආකෘතියක් මෙතනින් බාගත (Download) කරන්න. 

සැ.යු. - ඔබගේ ඉල්ලීම කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අභියාචනා කමිටුව වෙත ඉදිරිපත් කර එම නිර්දේශ සමඟ සනාතන සභාවට යොමු කරන අතර එම තීරණ අප වෙත ලැබීමෙන් පසුව අදාළ තීරණ ලිඛිතව ඔබ වෙත ලියාපදිංචි තැපැල් මඟින් යොමු කෙරෙනු ඇත.

උපාධි පාඨමාලාව වෙනස් කිරීම

මේ සඳහා කිසිදු අවස්ථාවක අවසර දෙනු නොලැබේ.

ශිෂ්‍ය ලියාපදිංචියෙන් පසු නම් වෙනස් කිරීම

ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කිරීම පිළිබඳ විස්තරය

ඉල්ලීම් ලිපියේ ආකෘතියක් මෙතනින් බාගත (Download) කරන්න

(උප්පැන්න සහතිකයේ 13වන තීරය සංශෝධනය)

 

අදාළ ගෙවීම් වවුචරය පහතින් බාගත (Download) කරන්න

ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව - තෙවන වසර

වාණිජ විද්‍යාවේදී විශේෂ උපාධි (බාහිර) පාඨමාලාව

විද්‍යාවේදී සාමාන්‍ය උපාධි (බාහිර) පාඨමාලාව

 

  1. ලිඛිත ඉල්ලීමක් ලියාපදිංචි තැපැල් හෝ අතින් ගෙනවිත් කේන්ද්‍රයට ඉදිරිපත් කරන්න. 
    1. අතින් ගෙනවිත් භාර දීම. 
    2. ලියාපදිංචි තැපැල් මඟින් යොමු කිරීම. 

යොමු කළ යුතු ලිපිනය -
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකරි,
දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,
නො. 56/6,
කෝන්ගහවත්ත පාර,
නුවර පාර,
කිරිබත්ගොඩ.

  • සංශෝධිත නව උප්පැන්න සහතිකයේ සහ ජාතික හැඳුනුම්පතේ සහතිකවල ඡායා පිටපත
  • රු.110.00ක තැපැල් මුද්දරයක් මත අත්සන් කරන ලද විධිමත් දිවුරුම් ප්‍රකාශය (ඉහත නම් දෙකෙන්ම සඳහන් වනුයේ එකම පුද්ගලයෙකු බව විශේෂයෙන් සටහන් වී තිබිය යුතුය.)
සවිස්තරාත්මක (Academic Record) සහතිකයක් ලබා ගැනීම

ඔබ ඉතා මෑතක දී උපාධිය සමත් උපාධිලාභියෙකු නම්,
(විශ්වවිද්‍යාලයේ වෙබ් පිටුවේ පලකර ඇති උපාධිධාරී ලැයිස්තුවේ ඔබගේ අංකය සහ නම ඇත්දැයි පරීක්ෂා කර බලන්න.)
එසේ නම ඇත්නම්,

1. වෙබ් පිටුවේ, Graduands -- Academic Record වෙත පිවිසෙන්න

2. උපාධි පාඨමාලාව තෝරා ගන්න

3. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ශිෂ්‍ය අංකය අදාළ කොටුවල Type කර Download Voucher වෙත පිවිසෙන්න.

4. අයදුම්පත සහ අදාළ වවුචරය (රු.610.00) Download කරන්න. 

5. ඒවායේ මුද්‍රිත පිටපත් ලබා ගන්න. (අයදුම්පත හා ගෙවීම් වවුචරය)

6. ආකෘතිය නිසි පරිදි පුරවා අදාළ වවුචරයේ මුද්‍රිත අංකයටම මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් මුදල් ගෙවීමෙන් පසු ලැඛෙන කහ පැහැති පාරිභෝගික පිටපත (Customer Copy) අමුණන්න.

7. කේන්ද්‍රය වෙත ඉදිරිපත් කරන්න. 

  1. අතින් ගෙනවිත් භාර දීම.
  2. ලියාපදිංචි තැපැල් මඟින් යොමු කිරීම. 

යොමු කළ යුතු ලිපිනය - 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකරි,
දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,
නො. 56/6,
කෝන්ගහවත්ත පාර,
නුවර පාර,
කිරිබත්ගොඩ.

සැ.යු. - 

  • සහතික අයදුම්පත්‍රය ලැබීමෙන් සති 02ක කාලයක් ඇතුලත අදාළ සහතික පත්‍රය ලියාපදිංචි තැපැල් මඟින් ඔබ වෙත එවීමට කටයුතු කෙරේ.
  • කෙටි කාලයක් තුළ ප්‍රමුඛතාවය මත මෙම සේවය ලබා ගැනීම සඳහා සාක‍ෂි ලෙස අදාළ ලේඛනවල ඡායා පිටපත් අයදුම්පත සමඟ ඉදිරිපත් කළ යුතුය.
    උදා -: සම්මුඛ පරීක‍ෂණ සඳහා කැඳවීමේ ලිපිය

සවිස්තරාත්මක (Detail/ Provisional) සහතිකයක් ලබා ගැනීම Click කරන්න

Academic Transcript ලබා ගැනීම.

Academic Transcript ලබා ගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න.

01. ඔබගේ උපාධි පාඨමාලාවට අදාළ ගෙවීම් වවුචර්පත පහතින් බාගත කර එහි දන්වා ඇති ආකාරයට අදාළ ගෙවීම සිදු කරන්න.

02. පහත සඳහන් අයදුම්පත්‍රය පුරවන්න.

03. බැංකු ගෙවීම් පත්‍රය, නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය, අදාළ ආයතනයෙන් ලබාගත් ලිපිය, සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයේ ඡායාපිටපත සහ උපාධි සහතිකයේ ඡායාපිටපත පහත සඳහන් එක් ආකරයකට අප වෙත ලැබීමට සලස්වන්න;

  • අතින් ගෙනවිත් භාර දීම.
  • ලියාපදිංචි තැපැල් මඟින් යොමු කිරීම.
    යොමු කළ යුතු ලිපිනය -
    ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකරි,
    දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,
    නො. 56/6,
    කෝන්ගහවත්ත පාර,
    නුවර පාර,
    කිරිබත්ගොඩ.
  • cdce@kln.ac.lk යන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙස එවීම. අදාළ සියළුම ලිපි එක් PDF ඇමුණුමක් ලෙස එවිය යුතු වේ.

 සැ.යු. - 

මෙම සහතිකය ඔබගේ අතට පත් නොකරන අතර එය රහස්‍ය ලේඛනයක් ලෙස ලැබිය යුතු අදාළ විශ්වවිද්‍යාලයට/ ආයතනයට හෝ අධ්‍යයන අංශයට ලියාපදිංචි තැපැල් මඟින් යැවීමට කටයුතු කෙරේ.

උපාධි සහතිකය (Convocation Certificate) ලබා ගැනීම.

උපාධි උත්සව දිනයේ දී BMICH හි දී ඔබ වෙත නිකුත් කෙරේ.

  • පළමු සැසියේ උපාධිධාරීන් සඳහා ප.ව. 1.30න් පසුවත් දෙවන සැසියේ උපාධිධාරීන් සඳහා දෙවන සැසිය අවසන් වීමෙන් පසුව උපාධි සහතික ලබා දීම සිදු කෙරේ.

උපාධි ලෝගුව සහ කර මාලය අදාළ කවුන්ටරය වෙත ලබා දීමෙන් පසුව ඔබ වෙත ලැඛෙන කුවිතාන්සිය සහ ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කර එදින එහි විවෘත කර ඇති විශේෂ කවුන්ටරයෙන් ලබා ගත හැක.


උපාධි උත්සව දිනට පසුව උපාධි සහතිකය (Convocation Certificate) ලබා ගැනීම.
කැලණිය විශ්වවිද්‍යාලයේ විභාග අංශය වෙත ගොස් කරමාලය හා උපාධි ලෝගුව භාර දීමෙන් පසුව ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කර ලබා ගත හැකිය.

සැ.යු. -
මෙම සහතිකය අදාළ උපාධීධාරියා වෙත පමණක්ම නිකුත් කෙරේ.

විභාග සඳහා අයදුම් කිරීම

එක් එක් විභාගය පැවැත්වීමට ආසන්න වන විට අපගේ වෙබ් පිටුවේ මෙම අයදුම්පත්‍ර ආකෘතිය ප්‍රසිද්ධ කෙරේ. මීට අමතරව මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යය මඟින් දැන්වීම් පල කරනු ලැබේ. තවද විශ්වවිද්‍යාල සමාජ මාධ්‍ය ජාලා (Facebook) වලට ද දැන්වීම් මුදා හැරීමට කේන්ද්‍රය විසින් ක්‍රියා කරනු ලැබේ. 

1. මෙය අපගේ වෙබ් පිටුව මඟින් Online ක්‍රමයට පමණක් සිදු කරනු ලැබේ. 

2. ඔබගේ උපාධි පාඨමාලාව තෝරාගන්න

3. Examination Applications වෙත පිවිසෙන්න

4. ඔබට අදාළ විභාගය තෝරාගන්න

5. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ශිෂ්‍ය අංකය අදාළ කොටුවල ඇතුළත් කරන්න.

6. අයදුම්පත්‍රය සහ වවුචරය download කර මුද්‍රණය කර ගන්න.

7. නිසි පරිදි අයදුම් පත්‍රය පුරවන්න.

8. ගෙවීම් වවුචරයේ සඳහන් මුදල එහි මුද්‍රණය කර ඇති එම ගිණුම් අංකයට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවීම් කිරීමෙන් පසුව ලැඛෙන කහ පැහැති  පාරිභෝගික පිටපත (Customer Copy) සමඟ අමුණාගන්න.

9. ලියාපදිංචි තැපැල් මඟින් පමණක් කේන්ද්‍රය වෙත එවීමට කටයුතු කරන්න. 

යොමු කළ යුතු ලිපිනය - 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,
නො. 56/6,
කෝන්ගහවත්ත පාර,
නුවර පාර,
කිරිබත්ගොඩ.

සැ.යු. -

  • අපැහැදිලි, අඩුපාඩු සහිත නියමිත දිනට පසුව ලැඛෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. 
  • දැන්වීමේ සඳහන් ආකාරයට අදාළ විභාගය ඔබගේ තැපැල් කවරයේ වම්පස ඉහළින් සටහන් කරන්න.
විභාග ප්‍රවේශපත්‍ර "Exam Admission” ලබා ගැනීම.

එක් එක් විභාගයට දින 14කට පෙර අන්තර්ජාලය වෙත අදාළ අපේක්ෂකයින් වෙත විභාග ප්‍රවේශපත්‍ර මුදා හරිනු ලැබේ. විභාගය අවසන් වන තෙක් ඕනෑම අවස්ථාවක "Exam Admission" අන්තර්ජාලය හරහා බාගත (Download) කල හැකිය.

1. වෙබ් පිටුවේ, ඔබගේ උපාධි පාඨමාලාව තෝරාගන්න 

2. Examination Admission වෙත පිවිසෙන්න

3. ඔබට අදාළ විභාගය තෝරාගන්න

4. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, ශිෂ්‍ය අංකය අදාළ කොටුවල ඇතුළත් කරන්න.

5. "Exam Admission" download කර මුද්‍රණය කර ගන්න.

6. අත්සන සහතික කර ගන්න.

7. විභාග දිනයේ දී අදාළ විභාග පරීක්ෂකවරයාට ඉදිරිපත් කරන්න. ඔබගේ විභාග ප්‍රවේශපත්‍රය විභාග පරීක්ෂකවරයා විසින් අත්සන් කිරීමෙන් පසුව ඊළඟ විභාග දිනයේ දී ඉදිරිපත් කිරීම සඳහා නැවත ලබා ගන්න.

8. පෙනී සිටීමට නියමිත සියලූම විෂය ඒකක අවසන් වන දිනයේ දී ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය විභාග පරීක්ෂකවරයා වෙත භාර දෙන්න. එය විභාග පරීක්ෂකවරයා විසින් කැලණිය විශ්වවිද්‍යාලය වෙත එවීමට කටයුතු කරනු ඇත.

විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීම

1. මේ සඳහා රජයේ රෝහලකින් ලබා ගත් වෛද්‍ය සහතික පමණක් පිළිගනු ලැබේ.

2. විභාගය අවසන් වී මාසයක් ඇතුළත ඔබ විසින් අදාල වෛද්‍ය සහතිකය ඉල්ලීම් ලිපියක් ද සමඟ කේන්ද්‍රය වෙත ඉදිරිපත් කළ යුතුය.

3. අදාළ ඉල්ලීම සමඟ අදාළ වෛද්‍ය සහකතිකය අමුණා ලියාපදිංචි තැපැල් මඟින් යොමු කරන්න.

යොමු කළ යුතු ලිපිනය -

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය,

නො. 56/6,

කෝන්ගහවත්ත පාර,

නුවර පාර,

කිරිබත්ගොඩ.

4. වෛද්‍ය සහතික ඉදිරිපත් කළ ද ඔබ විසින් ගෙවන ලද විභාග ගාස්තු නැවත ඔබ වෙත ප්‍රතිපූර්ණය නොකරන අතර ඉදිරි විභාග සඳහා එය හිලවු නොකෙරේ.

5. වෛද්‍ය සහතික අදාළ විභාග දින ආවරණය වන පරිදි විය යුතුය.

6. ඉල්ලීම් ලිපියේ අඩංගු විය යුතු කරුණු

විද්‍යාර්ථීයාගේ නම සහ ලියාපදිංචි අංකය

රෝගී තත්වය හේතුවෙන් පෙනී සිටීමට නොහැකි වූ විෂය ඒකක (විෂය සංකේත සහිතව)

වර්තමාන නිවැරදි තැපැල් ලිපිනය හා ක්‍රියාකාරී දුරකථන අංකයක් හා ඊ-මේල් ලිපිනයක්.


ඉල්ලීම් ලිපියේ ආකෘතියක් මෙතනින් බාගත (Download) කරන්න.


සැ.යු. -
කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අභියාචනා කමිටුවට ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කර සනාතන සභා අනුමැතියෙන් පසුව අදාළ තීරණය ඔබ වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරනු ලැබේ.

LMS සම්බන්ධ ගැටළු

LMS සම්බන්ධයෙන් ගැටළු පවතින්නේ නම් ඒවා lmscdce@kln.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළයුතු වේ.

නව LMS/ Moodle ගිණුම් සකසා ගැනීම සඳහා පහත අයදුම්පත සම්පූර්ණකර ඉහත ඊමේල් ලිපිනයට යොමු කළයුතු වේ.

නව LMS/ Moodle ගිණුම් සකසා ගැනීම සඳහා අයදුම්පත මෙතනින් බාගත (Download) කරන්න

Contact Us:

Location Address:
Centre for Distance
and Continuing Education,
No. 56/6,
Koongahawatta Road,
Kandy Road,
Kiribathgoda.
Postal Address:
Centre for Distance
and Continuing Education,
P.O.Box 03,
Univeristy of Kelaniya,
Kelaniya,
Sri Lanka.
Phone:
011-2987000 |011-2987001
011-2987002 | 011-2987005
011-2914478
 
Fax: 0112986606

Email (General): cdce@kln.ac.lk

Email (LMS): lmscdce@kln.ac.lk

Email (Appeal): appealcdce@kln.ac.lk

Search